ශ්‍රී ලංකා ද්වීපයට නිදහස ලැබී වසර 74 සපිරීම නිමිත්තෙන් වූ 74 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිදහස් සැමරුම 2022.02.04 දින චාම් හා අභිමානවත්ව පැවැත්විණි.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සර්ව ආගමීකවතාවත්වලින් අනතුරුව උත්සවය ආරම්භ වූ අතර මෙහිදී අදහස් දක්වමින් ප්‍රාදේශීය ලේකම්තුමන් පවසා සිටියේ අදීන ජාතියක් ලෙස නැගී සිටීමට අවශ්‍ය වගකීම් සහිත කාර්යයන්හි රාජ්‍ය සේවකයන් නිරත විය යුතු බවත් ඒ සදහා රාජ්‍ය සේවකයන් ලෙස වඩාත් සක්‍රීයව පෙළගැසිය යුතු බවත් ය. මෙහිදී ජාතිකාභිමානී ගීත ගායනා කිරීම කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසින් සිදු කල අතර මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම්, පරිපාලන නිලධාරී ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

මෙයට සමගාමීව ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සියළුම ග්‍රාම නිලධාරී වසම්වල රුක්රෝපණ වැඩසටහන් වසම්භාර නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

News & Events

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

06
ජූනි2023
ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

පොසොන් පොහොය නිමිත්තෙන් “ගලිගමුවේ පොසොන් උදානය -...

Scroll To Top